Wednesday, September 11, 2013

Korean Galaxy S4 vs Original Galaxy S4 (For Sri Lankans)

ලංකාවෙ මේ දවස් වල ජනප්ප්‍රිය Phone එකක් තමයි Samsung Galaxy S4 කියන්නේ. ගොඩක් දෙනෙක් S4 එකක් මිල දී ගන්ඩ මේ වෙනකොටත් සූදානම් වෙනවා ඇති. ඔයාල දැකල ඇති රුපියල් 25,000 - 30,000 ටත් S4 එකක් තියෙනවා කඩවල් වල. කව්රුත් මේවට කියන්නේ කොරියන් වර්ෂන් කියලා.මේවා ඇත්තටම කොරියන් වර්ෂන් ද? බැලූ බැල්මටම ඇත්තම Galaxy S4 එකක් වගේ. ඇයි මේවා මෙච්චර ගණන් අඩු? මම මේ ආර්ටිකල් එකෙන් කියන්ඩ යන්නේ මේ phone වල ඇත්ත කතාව.


මෙන්න මේකයි සීන් එක. ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ HSV-E300 K/S/L කියලා. K, S ,L  වලින් 4G LTE bandwidths පෙන්නනවා. මේ මොඩල් කොරියාව ඇතුලේ පාවිච්චියට හදපුවා. මීට අමතරව Carrier based phones (ex :Show) කීපයක්ම හොයාගන්ඩ පුලුවන්. Anycall වලින් ගහපු S 4 එකක් නම් තාම දැක්කේ නෑ.
ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි. HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට HDCmobiles.com ගියොත් බලාගන්ඩ පුලුවන් කොහොමද ය මේ විකුණන්නේ  කියලා. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන හින්ද තමයි මෙච්චර ගණන් අඩු.